iranama
අත්ලේ ඇඟිලි හෙළි කරන ජිවන රහස්
අසාමුද්රික ශාස්ත්‍රයට අනුව අත්ල පරික්ෂා කිරිමේදි අත්ලේ පිහිටි රේඛාවල පිහිටිම වගේම අත්ලේ පිහිටිම ගැනද පරික්ෂා කිරිම වැදගත් වේ. අතේ ඇගිලි පහ එකට එකක් සාමාන නොවන්නා සේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතැඟිලිවල ස්වභාවය හා ප්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජිවන රහස් බොහෝ දුරට හෙළිකර ගත හැකිය.
මහාපට ඇඟිල්ල
ඇඟිලි අතරින් සුවිශේෂිත ස්ථානයක් මහපට ඇඟිල්ලට හිමි වේ. සිකුරු මණ්ඩලෙන් ආරම්භ වන සිකුරු ග්‍රහයාට අයත් යෑයි සැලකෙන මහාපට ඇඟිල්ල සාමුද්‍රික ශාස්ත්රයේ විශේෂ අවධානයක් යොමු කර ඇත. දැඩි ආත්ම විශ්වාසයකින් යුතු කුමන ප්‍රශ්නයක් හමු වේ වුවද නොසැලෙන භාරගත් කාර්යය මනාව ඉටු කරන පුද්ගලයින්ට පහසුවෙන් නොනැමෙන මහාපට ඇඟිල්ලක් පිහිටයි. ඇතැම් අයට අත්ලට සමාන නොවන තරමේ කුඩා මහාපට ඇඟිලි පිහිටයි. ඔවුන්ගේ කටයුතු ක්රමානුකූල නොවේ. අවුල් සහිතයි.
අලස ගතියෙන් යුත් ඔවුන් ආහාරයට ගිජු වු රාගාධිකවුවෝද වෙති. අත්ලට සමාන නොවන තරම් විශාල මහාපට ඇඟිලි ඇති අය උසස් සිතුවිලි සහිත ඥානයෙන් මෙන්ම බලයෙන් යුතු බොහෝ ඇසු පිරූ තැන් ඇති අය වෙති. නිය සහිත මුදුන් පුරුකේන් අධිෂ්ඨාන ශක්තිය.නොපසුබට උත්සහාය. ආත්ම විශ්වාසයද දෙවන (මැද ) පුරුකෙන් ඥාන ශක්තියද විචාර බුද්ධිය, තිරණ ගැනිමේ ශක්තියද, සිකුරු මණ්ඩලය ලෙසද සැලකෙන තුන්වන ( මුල ) පුරුකෙන් ආලය රාගාධික පැවතුම් ඉන්ද්‍රියන් පිනවිමට ඇති ආශාව හා අනුකම්පාවද ප්‍රකට කෙරෙයි. වංචා සහාගත සහා ප්‍රෝඩාකාරි සිතුවිලි හා ක්‍රියාවන් ඇතිව ජිවත් වෙන අයගේ මහපට ඇඟිල්ලේ මුදුන් පුරුක අනෙත් පුරුක් වලට වඩා කුඩාවට පිහිටයි. යම් කිසි කරුණක් ගැන සාධාරණිය ලෙස තිරණයක් ගන්නා අයගේ මහාපට ඇඟිල්ලේ දෙවන පුරුක අනෙක් පුරුක් වලට වඩා දික්ව පිහිටයි.
දබරැඟිල්ල
මම උගතා යෑයි උදම් අනන පුද්ගලයාගේ දබරැඟිල්ල දිගින් මැදගිල්ලට සමානව පිහිටයි. ඒසේම හේ විනෝදයට වඩා ප්‍රිය කරයි. ගැරු ග්‍රහායාට හිමි දබරැඟිල්ලේ ශක්තිය, බලය, ධෛර්ය, භක්තිය ආදි ගුණාංගයන්ගෙන් මුර්තියක් ලෙස සලකණූ ලබයි. දබරැඟිල්ලේ නිය සහිත පුරුක මනාව වැඩි ඇතිනම් චිත්ත ශක්ති බලය ආධිපත්‍ය ආදි ගුණාංග මනාව පිහිටයි. හැම අවස්ථාවකදිම කතාවෙන් නොව ක්‍රියාවෙන් තම දක්ෂකම් පෙන්වන පුද්ගලයාගේ මේම ඇගිල්ල කුඩාවට පිහිටයි. දබරැඟිල්ල මැදඟිල්ලට වැඩියෙන් හෝ එතරම් හෝ දික් වුවහොත් උසස් විම් අධික ආශාවන් ඇතිතකු වේ.
ඒය දික්ව තිබිම අන් අය පාලනයට ඇති දැඩි ආශාව පෙන්නුම් කරයි. ඒය වෙඳඟිල්ලට වඩා දිගනම් අහංකාරගතිය, තමන් උසස් කොට බලයට ඇලුම් කිරිම හා උසස් විමේ ආශාව ඇත්තකුවේ. දබරඟිල්ල දික්ව උල් තුඩක් සහිත වි නම් ආගමික කටයුතු වලට ඇලයුම් කරයි.දබරඟිල්ලේ අල්ලට සමිපව පහිටි පුරුක අනෙක් පුරුක් දෙකට වඩා මනා කොට පිහිටා ඇත්තෙනම් ඉඳුරන් පිහිටිමේ බලවත් ආශාවක් ඇත්තකු වේ. අන්යන් අතර කැපී පෙනෙන්නට උත්සහා ගන්නා ඔවුන් ධනයත් බලයත් ඇත්තකු වේයි.
මැදඟිල්ල
සෙනසුරු ග්‍රහයාගේ ගුණයන් වන ස්ථානෝචිත බව, ඉවසිම , චිත්ත ශක්තිය, ආදි ලක්ෂන මැදඟිල්ල තුලින් මුර්තිමත් කෙරේ. එමෙන්ම එම අයගේ ඥානය, අධ්‍යාපනය, ආගම දහම කෙරෙහි ඇති විශ්වාසය දන්වන්නේ මැදඟිල්ලෙනි. එම ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් එම පුස්ගලයා තද මසුරු කමින් පිරිණු අයෙක් විය හැක. එසේම ඊර්ෂාවෙන්, කුහකකමින් පිරුණු අයෙක් වෙයි. සාමුඳ්රිත ශාස්ත්රරයට අනුව දෙවෙනි පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිග නම් සුභදායකය. එබඳු අයට වැවිළී කර්මාන්ත වගා කට යුතු හා සත්ව පාලන කටයුතු වළින් ඉතා දියුණු තත්වයකට පත් විය හැක.
මැද පුරුකේ කොඩියක සලකුණක් පිහිටා ඇත්නම් ලොතරැයි ජය වැනි හදිසි ධනලාභ හිමි වන බව සඳහන්ය. මැදඟිල්ලේ සෘජුව විහිදුනු රේඛාවක් . දර්ශණය වේ නම් හැමවිටම ජයග්‍රහණ ලබයි. ධනය මහත් සේ හිමිකර ගන්නා උතුම් කෙනෙකු වේ. යහපත් මානසික තත්වයකින් යුතු කාරුණික අයෙක් විය යුතුය. මැදඟිල්ල අනේත් ඇගිලිවලට වඩා කොට නම් ඒම පුද්ගලයා මිනි මරුවකු සහසික අයකු විමට බොහෝ විට ඉඩ ඇත. මැදඇඟිල්ලේ තුඩු හතරැස් ආකාර විම සුභය ආත්ම ශක්තිය යොදවා යහපත් තිරණ ගැනිමට ඔවුන් තුළ උපන් හපන් කම් ඇත.
වෙද ඇඟිල්ල
විචාර බුද්ධිය, කලාකාමිත්වය, ජයග්‍රහණ, කරුණාව, ගෞරවය, ආදි ගුණාංග වේඳ ඇඟිල්ල තුළින් සංකේතවත් කරයි. වෙද ඇගිල්ල දබර ඇගිල්ල තරමට දික් උවහොත් අධික ආශා ඇත්තකු වේ. හදිසි ධනලාභ ලොතරුයි ආදියෙන් ජය ගැනිමට උනන්දුවක් දක්වන අයකු එමගින් පෙන්නුම් කරයි. වෙදඟිල්ල මැදඟිල්ල තරමට දික් වුවහොත් ඔහු කලබල කාරි බව නිසාම බොහෝ දේ නැති කර ගනී. මෙම ඇගිල්ල කෙටි නම් කලා කාමි අදහස් නොමැති උදිහසින අයකු බව ප්‍රකට කරයි. එම ඇගිල්ලේ මුදුන් පුරුක උලුව පිහිටා ඇති අයුරක් දිස් වේනම් ඔහු හෝ ඇය ඉගෙනිමෙන් දක්ෂවන්නා සේම ච්ත්‍ර, නැටුම් හා කැටයම් අදි කලා අංශයන් ගෙන් කිර්ති ප්‍රශංසා ලබන්නේය.
බුද්ධියට අනුව කටයුතු කිරිමෙන් මුදල් උපයන හා ඔනෑම දෙයක් ඉතා සංවිධානාත්මකව කිරිමේ දක්ෂතාවයක් ඇති අයගේ සුලඟිල්ලේ අග පුරුක වෙදඝිල්ලේ අග පුරුකේ සංධිය සමාන වේ. මෙම ඇඟිල්ලේ මැද පුරුක සෙසු පුරුක් වලට වඩා මහත්ව පිහිටියෙනම් ආත්මාර්ථකාමි මසුරු පුද්ගලයකු වේ. වෙදඟිල්ල දබරඟිල්ල තරමට දික්විම කිර්ති,ප්‍රසංසා, නම්බුව, බලය, ධනය පිළිබඳව ඇති ආශාවද අධික වෙයි. ඇඟිලි දිගහැරිය විට වෙදඟිල්ල හා සුලඟිල්ල අතර පරතරයක් තිබු විට නිදහස් ක්‍රියාශිලි අයකු වේ. ජිවිතයේ මැද භාගයෙදි ඒ අයගේ භාග්‍ය උදා වේ.
සුලඟිල්ල
සුලඟිල්ලේ හැඩ රුව හා පිහිටිම අනුව යමෙකු ප්‍රකෘති ස්වාභාවය, චිත්ත ත්ත්වය, ක්ෂණික කෝපය, කථාවෙහි දක්ෂතාවය, උද්යෝගි අදි කරුණු විනිශ්චය කළ හැකි වේ. සුලඟිල්ල වෙදඟිල්ලේ නිය සහිත පුරුක ඉක්ම යෑම ඉතා සුභ ලක්ෂණයකි. දික් වුවද මනාව වැඩුනා වුද සුලඟිල්ලක් ඇත්තේනම් එම අය ධනවතෙක් බවට පත් වේ.
දක්ෂ ලේඛකයෙක්,කථිකයෙක් හෝ ධනවත් ව්‍යාපාරිකයෙක් වේ. සුලඟිල්ල කෙටිවුයේ නම් උපායශිලි නොවන කතාවේ දක්ෂතාවයක්ද නොපෙන්වයි. මානසික තත්වයද දුර්වලය. සුලඟිල්ලේ නිය සහිත පුරුක දික්ව මනා ලෙස වැය තිබිම ක්රියාශිලිී බව ප්‍රකට කරයි. නිතර කුමන හෝ කාර්යයක යෙදෙන අතර නිකරුනේ කාලය ගත කරන්නෙකු නොවේ. චතුර ලෙස කතා කිරිමේ දක්ෂතා ඇති ඔවුන් අසන්නන් වසඟ කිරිමෙහි සමත් වෙයි. සුලඟිල්ල වෙදඟිල්ල තරමට දික්වුවහොක් දාර්ශනිකයෙක් හෝ ප්‍රඥාවන්තයෙක් වේ. අතෙහි වෙනත් ලක්ෂණ අශූභ නම් ප්‍රයෝග කාරයෙකි.